Latest News

කාන්තාවක්, මාසයක් පුරාවට මළ සිරුරු දෙකක් සමඟ සිදු කළ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාසයකට ආසන්න කාලයක් මළ සිරුරු 2 ක් සමග ජීවත් වූ කාන්තාවක් පිළිබඳ සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.

සිඩ්නි හි සරී හිල්ස් ප්‍රදේශයේ දිරාපත් වූ දෙමහල් නිවසක වැඩිහිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සමඟ ඇය ජීවත් වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම දිරාපත් වූ මළ සිරුරු මාසයකට පමණ පෙර මිය ගොස් ඇතැයි විශ්වාස කරන බව පොලීසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් Eleanor Barker නම් 63 හැවිරිදි මෙම කාන්තාව සමඟ පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසිය කියා සිිටියේ මියගිය පුද්ගලයින් වයස අවුරුදු 70 ක් සහ 80 ක් වන අතර ඔවුන් පසුගිය සති කිහිපය තුළ විවිධ කාලවලදී මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

එත් අසල්වැසියන් පැවසුවේ නිවසේ මිනිස්සු ජීවත්ව සිටීයාද යන්න පිළිබඳ නොදැන සිටි බවයි.

රහස් පරීක්ෂකයින්ද නිවස තුළ පරීක්ෂණ ආරම්භ කළ අතර මියගිය දෙදෙනා අවසන් වරට දුටුවේ කවදාද පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එක් අසල් වැසියෙකු පැවසුවේ පසුගිය දිනවල බාර්කර් නම් කාන්තාව තමන් සමඟ උද්යෝගයෙන් සුහදව කතාබස් කළ බවයි.

World News

Send your contact Details Today