Latest News

ට්‍රම්ප් තවත් පනතකට අත්සන් තබයි – අලුත් නීතියක් බලාත්මක වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බිග් බියුටිෆුල් බිල් ලෙස නම් කර ඇති පනතට අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ඒ, අදාළ පනත එරට පිළිගත් නීතීයක් බවට පත් කරමින්.

කැපිටල් හිල්හි පැවති දීර්ඝ සැසිවාරයකින් අනතුරුව මෙම පනත පසුගියදා සම්මත වූ අතර, ඊට පක්ෂව ඡන්ද 218ක් ද විරුද්ධව ලැබුණු ඡන්ද 214ක් ද හිමිවුණා.

එම පනතට ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 150 ක අයවැය වැඩිවීමක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේපළමු ධුර කාලය තුළ සිදුකළ බදු කප්පාදු දීර්ඝ කිරීම ද ඊට ඇතුළත් බව සඳහන්.

මෙම නව පනත මඟින් අඩු ආදායම්ලාභීන් සහ ආබාධිතයන් සඳහා රජය විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා යෝජනා ක්‍රමය දැඩි කප්පාදු කිරීමක් සිදුකර තිබෙනවා.

World News

Send your contact Details Today