ඔස්ට්‍රේලියානු A ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සැන්ඩන් ජේ (Zanden Jeh) කැඳවා තිබෙනවා.
ඒ අනුව 2්1 හැවිරිදි වමත් දඟ පන්දු යවන්නෙකු වන සැන්ඩන් ජේ ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව ඩාවින්හි පැවැත්වෙන ඉදිරි තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට නියෝජනය කරනු ඇති.
ඕවර් 50 එක්දින තරග තුනක් සහ දින හතරේ තරඟ දෙකක් තරගාවලියට ඇතුළත් වනවා.
මෙය සැන්ඩන් ජේ ගේ මංගල තරගාවලිය වන අතර තේරීම් කමිටුවෙන් එය දැනුම් දීමට ලබාදුන් දුරකතන ඇමතුම ඔහුට මගහැරී තිබෙනවා.
එහෙත් ආපසු ඇමතුමක් දී එය දැනගත් අවස්ථාවේ අනපේක්ෂිත සහ පුදුමයට පත් වූ බවයි ඔහු පවසා ඇත්තේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ ආදර්ශයන් ලෙස සැමවිටම මයික් හසීගේ පිතිකරණය නැරඹීමට ප්‍රිය කරන බව සැන්ඩන් ජේ සඳහන් කර තිබෙනවා.
පන්දු යැවීමේදී ජඩේජා සහ රංගන හේරත්ගේ විලාසයන්ට කැමැත්තක් දක්වන බව ද ඔහු පවසනවා.
සැන්ඩන් ජේ ගේ පියා වන මයිකල් ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අතර ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පෙර එංගලන්තයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කර තිබෙනවා.