Latest News

Chat GPT හරහා ඔබට සිදුවන අනතුරක් ගැන භයානක හෙළිදරව්වක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ChatGPT වැනි කෘත්‍රිම බුද්ධිය (AI) මෙවලම් භාවිතයෙන් මිනිස් මනස පිරිහීමකට ලක්වන බව MIT විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම පර්යේෂණයක් ඔස්සේ අනාවරණය කර තිබෙනවා.

මාස 4ක කාලයක් තුළ ශිෂ්‍යයන් 54 දෙනෙකු පිළිබඳව EEG මනෝමෑනීක පරීක්ෂණයක් සිදුකරමින්, ChatGPT භාවිතා කළ කණ්ඩායමක් දැඩි මනෝවේදන ක්‍රියාකාරීත්වය පහත වැටී ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ.

ඔවුන්ගේ මතක තබා ගැනීමේ හැකියාවත්, විවේචනාත්මක සිතිවිලි හැකියාවත් වැළැක්වී ඇති බව සඳහන් වනවා.

මෙම පර්යේෂණයට “The Cognitive Cost of Using LLMs” යන නාමය දී ඇති අතර, ChatGPT වැනි භාෂා ආකෘති භාවිතය නිසා සිසුන්ට තමන්ම ලියන ලිපි පසුව මතක් කර ගැනීමට අසීරු වී ඇති බවද එහි සඳහන්.

ChatGPT භාවිතයෙන් ලිපි ලිවීම සීඝ්‍ර හා පහසු වූවත්, එය “මානසික නිරුත්සාහකභාවය” (mental passivity) ඇති කරන බවයි පර්යේෂකයින් පැවසුවේ.

මෙවන් AI භාවිතය මගින් පරිශීලකයන් කෙරෙහි ඇල්ගොරිතම් මඟින් සැපයෙන පිළිතුරු පිළිබඳව ප්‍රශ්න නොකිරීමෙන් එල්ලවන echo chamber බලපෑම් පිළිබඳවද අනතුරු අඟවවනවා.

World News

Send your contact Details Today