Latest News

Microsoft ආයතනයෙන් දෙවන වරටත් තම සේවකයන්ට කරන්න යන දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Microsoft සමාගම දෙවන වරටත් සේවක කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව මෙවර සේවකයින් 9,000 ක් පමණ සේවයෙන් පහ කිරීමට නියමිත බවයි එම වාර්තා පවසන්නේ.

මෙය මාස කිහිපයක් තුළ සිදුවූ දෙවන මහා පරිමාණ සේවක කප්පාදුව ලෙසයි සැලකෙන්නේ.

තාක්ෂණික දැවැන්තයෙකු වන Microsoft සමාගමේ මෙම නිවේදනය Xbox වීඩියෝ ක්‍රීඩා ව්‍යාපාරයට සහ අනෙකුත් අංශවලටද දැඩි බලපෑම් එල්ල වනු ඇති බව සඳහන්.

රැකියා අහිමි වන අය අතර වොෂින්ටනයේ රෙඩ්මන්ඩ් හි Microsoft හි එක්සත් ජනපද මූලස්ථානයට සම්බන්ධ සේවකයින් 830 ක් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම කප්පාදුව ඔස්ට්‍රේලියානු සේවකයින් කොපමණ සංඛ්‍යාවකට බලපානු ඇත්ද යන්න පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති අතර සමාගමේ විකුණුම් අංශය ඇතුළුව ලොව පුරා කණ්ඩායම් කිහිපයකට මෙය බලපානු ඇති බවයි Microsoft පවසන්නේ.

කෙසේවෙතත් මෙම කප්පාදු කිරීම් සිදුවන්නේ මයික්‍රොසොෆ්ට් සිය AI ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 121 ක විශාල මුදලක් ආයෝජනය කිරීමෙන් අනතුරුවයි.

World News

Send your contact Details Today