Latest News

යුක්‍රේනයට ආයුධ යැවීම ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයට ආයුධ යැවීම නවතා දැමූ බව ධවල මන්දිරය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය මේ වනවිට දරුණු වෙමින් පැවතීම හේතුවෙන් මෙලෙස ආයුධ නැව්ගත කිරීම් කිහිපයක් නවතා දමා ඇති බවයි ධවල මන්දිරය පවසා ඇත්තේ.

පළමුව අමරිකාවේ අවශ්‍යතාවලට මුල් තැන දීමට තීරණය කර ඇති බව ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වූ දා සිට ඇමරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනක ආයුධ යවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් කුමන ආයුධ නැව්ගත කිරීම් නතර කරන්නේ ද යන්න අමරිකා නිලධාරීන් ප්‍රකාශ කර නොමැති බවද සඳහන්.

World News

Send your contact Details Today