Latest News

මඟී නෞකාවක් අනතුරට ලක් වීමෙන් 38 දෙනෙකු අතුරුදහන් – 23 දෙනෙකු දිවි ගලවාගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු ඉන්දුනීසියානු මඟී නෞකාවක් අනතුරට ලක් වී තිබෙනවා.

ඒ බාලි දූපත අසළ ප්‍රදේශයකදියි.

මෙම මගී නෞකාව පුද්ගලයින් 65 දෙනෙකු රැගෙන යමින් සිටින අතරතුරදීයි, මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.

අදාළ නෞකාව ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මිය ගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් තිබුණා.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today