Latest News

ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඇත්ත නැත්ත මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බොලිවුඩයේ රජු ලෙස හැඳින්වෙන ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව අද නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහු ලබන අගෝස්තු 02 වැනිදා මෙරටට පැමිණෙනු ඇති.

ශ්‍රී ලංකා සංචාරයේදී ශාරුක් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් City of Dreams Sri Lanka ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීම සිදුවනු ඇති.

දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙය වන අතර එය පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙනවා.

මෙම අවස්ථාවට සුපිරි නළු ෂාරුක් ඛාන්ට අමතරව තවත් ඉන්දීය නළු නිළි පිරිසක් ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර එනම් 2004 දෙසැම්බර් මාසයේදී ෂාරුක් ඛාන් ප්‍රමුඛ ඉන්දීය නළු නිළි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී ඔහු සිටි ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා.

ඉන් පසුව නැවතත් ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 20 කට පසුවයි.

World News

Send your contact Details Today