Latest News

මස්ක්ට, පදිංචි වීමට වෙන රටක් සොයා ගැනීමට වෙන ලකුණු

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝකයේ ධනවත්ම මිනිසා වන එලෝන් මස්ක් අතර නැවතත් දරුණු වාග් ප්‍රහාර මතුවෙමින් පවතිනවා.

ඊයේ ධවල මන්දිරයේදී ට්‍රම්ප් පැවසුවේ මස්ක්ට EV සඳහා රජයෙන් ලැබෙන සහනධාර මෙන්ම බොහෝ දේ අහිමිවීමේ අවදානමක් ඇති බවයි.

පසුගියදා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති බලතල තවදුරටත් වැඩි කරමින් විනිසුරුවරුන්ට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට බාධා කිරීමේ හැකියාව සීමා කරමින් නව නියෝගයන් නිකුත්කරනු ලැබුවා.

ඊට විරෝධය පළකරමින් එලෝන් මස්ක් කියාසිටියේ මෙම දැවැන්ත දේශීය ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට ඡන්දය දුන් කොංග්‍රසයේ රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව ක්‍රියාකිරීම සඳහා තමා විසින් අති විශාල මුදලක් වියදම් කරන බවයි.

ඒ අනුව පසුගිය දිනවල ට්‍රම්ප්ගේ බදු කප්පාදු සහ වියදම් පනත විවේනය කළ එලෝන් මස්ක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක්කෙරුණා.

කෙසේවෙතත් ඊයේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩොනල් ට්‍රම්ප් කියාසිටියේ මස්ක් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි.

World News

Send your contact Details Today