Latest News

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ එක්දින තරගාවලියේ කුසලානය එළිදක්වයි (PHOTOS)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින තරගාවලිය හෙට (02) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු තරගය හෙට පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ශූරයින් වෙනුවෙන් පිරිනමන කුසලානය එළිදැක්වීම අද (01) සිදුකෙරුණේ දෙපිළේම නායකයින්ගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, තුනවන සහ අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දියි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2024 වසරේ මාර්තු 18 වනදා වන අතර, චිතගොං හිදී පැවති මම තරගය බංග්ලාදේශය කඩුලු 04කින් ජය ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක්දින තරගයක දී එකිනෙනා හමුවන්නේ වසරකටත් වඩා වැඩි කාලයකට පසුවයි.

World News

Send your contact Details Today