Latest News

අමෙරිකාවේ තීරණයක් නිසා ලොව පුරා මරණ මිලියන 14ක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා මරණ මිලියන 14ක් පමණ සිදුවිය හැකි බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අමෙරිකා ජනාධිපතිවරයාගේ ආධාර කප්පාදුව හේතුවෙන්.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා ඒජන්සිය හෝ USAID ආයතනය සිදුකරන වැඩසටහන් සඳහා ලබාදෙන ආධාරයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අවලංගු කරන බව පසුගිය මාර්තු මාසයේ දී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා.

ඒ හේතුවෙන් 2030 වසර වන විට ලොවපුරා මිලියන 14කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක් මතුව තිබෙන බවයි අදාළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

එම මරණ මිලියන 14න් තුනෙන් එකක් නොමේරු ළදරු මරණ බව ද එහි දැක්වෙනවා.

පසුගියදා ස්පාඤ්ඤයේ පැවති ජගත් සංවිධානයේ ආධාර සමුළුවේ දී මෙම වාර්තාව එළිදැක්වුණු අතර රටවල් 133ක දත්තයන් ද මෙහිදි නිකුත් කෙරුණා.

එම දත්තයන්ට අනුව 2001 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ දී ඇමෙරිකා ආධාර හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91ක් වැළකී ඇති බවයි අනාවරණය වුයේ.

World News

Send your contact Details Today