Latest News

ගාසා තීරයේ අවන්හල් පරිශ්‍රයකට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක් (PHOTOS)

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ වෙරළබඩ ප්‍රදේශයේ අවන්හල් පරිශ්‍රයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 20 දෙනෙකු මිය ගියා.

වෙරළ තීරයේ කූඩාරම්වලින් සමන්විත එළිමහන් ස්ථානයක මෙම අල්-බකා අවන්හල් පරිශ්‍රය පිහිටා තිබෙනවා.

පිපිරීමත සමග ගැඹුරු ආවාටයක් ද ඇතිව තිබෙනවා.

සහන කණ්ඩායම් විපතට පත් තවත් පිරිස් සොයමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කළේ.

සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ පටයක දැක්වුණේ ඊශ්‍රායල ගුවන් යානයකින් මිසයිලයක් එල්ල වන ආකාරයයි.

අල්-බකා අවන්හල ගාසා තීරයේ මධ්‍යධරණී වෙරළ තීරයේ මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ දුරස්ථ සේවකයින් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දුන් ප්‍රසිද්ධ ස්ථානයක්.

World News

Send your contact Details Today