Latest News

SL vs IRE Women’s T20: චමරි නොමැති ව පළමු තරගය අද ඇරඹේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

තරග 02කින් සමන්විත තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 08.30ට ඩබ්ලින් හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය එක්දින ජාත්‍යන්තර තරග 03කින් ද සමන්විතයි.

අසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාව හිමිකර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය මෙයයි.

මෙම 20යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහභාගී වන්නේ නැහැ

ඒ එංගලන්තයේ පැවැත්වෙන Women’s Hundred තරගාවලියේ ඕවල් ඉන්වින්සිබල්ස් කණ්ඩායම වෙනුවෙන් ඇය ක්‍රීඩා කිරීම හේතුවෙන්.

World News

Send your contact Details Today