ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, පෂමිලාරම් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක ඊයේ (30) සිදුවූ දරුණු පිපිරීමකින් සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පිපිරීමත් සමඟ විශාල ගිනි ජාලාවක් හටගෙන ඇති අතර, ගින්න අවට ගොඩනැගිලි දක්වා ද ව්‍යාප්ත වී තිබෙනවා.
එහිදී අනතුර සිදුවූ වහාම හයිද්‍රාබාද් නුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්හල තුළ සේවකයින් 66 දෙනෙකු සිටි බව වාර්තා වන බවත්, මියගිය සේවකයින් 12 දෙනාට අමතරව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වනවා.
එමෙන්ම, පිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.