Latest News

ඉන්දියාවෙන් නව “බංකර් බස්ටර්” අවියක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගැඹුරු භූගත ඉලක්ක සඳහා ප්‍රහාර එල්ල කළ හැකි බංකර්-බස්ටර් අවියක් නිපදවීම සඳහා ඉන්දියාව සිදු කරන අත්හදා බැලීම් වේගවත් කර තිබෙන බව වාර්තා වනවා.

අග්නි මිසයිල පද්ධතියේ ප්‍රභේදයක් ලෙස මෙම බලගතු බංකර්-බස්ටර් බෝම්බය නිර්මාණය කිරීමට ඉන්දියාව සැලසුම් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

දැඩි භූගත ඉලක්කවලට විනිවිද යාමට හැකි අයුරින් කෙරෙන එම බෝම්බයක බර කිලෝග්‍රෑම් 7,500ක් පමණ වනු ඇති බවයි පැවසෙන්නේ.

එමගින් මීටර් 80 සිට 100 දක්වා ශක්තිමත් කරන ලද කොන්ක්‍රීට් ස්ථර සහ පොළොව සිදුරු කර ඉලක්ක විනාශ කිරීමේ හැකියාවෙන් නිපදවීමට සැලසුම් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්ල කිරීම සඳහා යොදාගනු ලැබුවේද මෙවැනි බංකර්-බස්ටර් බෝම්බ විශේෂයක්. බී-ටූ යානා භාවිතයෙන් එම ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

World News

Send your contact Details Today