Latest News

යුරෝපයේ බොහෝ ප්‍රදේශවලට තාප තරංගයක බලපෑමක් – ස්පාඤ්ඤයට වාර්තාගත උෂ්ණත්වයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයේ අධික උණුසුම තවදුරටත් පවතිද්දී ස්පාඤ්ඤයෙන් වාර්තාගත සෙල්සියස් අංශක 46 ක උෂ්ණත්වයක් සටහන්ව තිබෙනවා.

යුරෝපයේ බොහෝ ප්‍රදේශ මේ වනවිට තාප තරංගයක බලපෑමට ලක්ව තිබෙනවා.

දකුණු ස්පාඤ්ඤයේ බොහෝ  ප්‍රදේශ මීට ඇතුලත්.

ඒ අනුව ඊයේ (29) දිනයේදී එල් ග්‍රැනාඩෝ නගරයෙන් සෙල්සියස් අංශක 46 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

මේ අනුව මේ මාසය වාර්තාගත උණුසුම්ම ජුනි මාසය වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පෘතුගාලය, ඉතාලිය සහ ක්‍රොඒෂියාවේ සමහර ප්‍රදේශවලට ද රතු අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

ස්පාඤ්ඤය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බොස්නියාව සහ හර්සගොවිනා, හංගේරියාව, සර්බියාව, ස්ලෝවේනියාව සහ ස්විට්සර්ලන්තය යන රටවලට කහ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

බාර්සිලෝනාහි උෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමකපැවතීම නිසා පෙරේදා කාන්තාවක් ද මිය ගියා.

රෝමයේ අවුරුදු 70 ට වැඩි අය සඳහා පිහිනුම් තටාක සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දී තිබෙනවා.

World News

Send your contact Details Today