Latest News

ඊජිප්තුවට අලුත් අගනුවරක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊජි­ප්තුවේ කයිරෝ අග­නු­වර දැඩි වාහන තද­බ­දය සහ ජනා­කී­ර්ණ­ත්වය වැළැ­ක්වීම සඳහා කිලෝ­මී­ටර් 45ක පමණ දුරින් ඉදි කර­මින් පව­තින නව පරි­පා­ල­න අග­නු­වර වසර 2027දී විවෘත කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 2015 දී වැඩ ආරම්භ කළ බව කියන එම පරි­පා­ලන අග­නු­වර කොට­සක් පසු­ගිය වස­රේදී විවෘත කර ඇති බවත්, අව­සන් අදි­යරේ වැඩ­ ක­ට­යුතු මේ වනවිට සිදු වන බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

වර්ග කිලෝ­මී­ටර් 700ක වප­ස­රි­ය­කින් යුතු නව අග­නු­වර රජයේ ගොඩ­නැ­ඟිලි, විදේ­ශීය තානා­පති කාර්යාල සහ මීටර් 385.8ක උසින් යුතු කුලු­නක් ද ඉදි­වන බවයි වාර්තා වන්නේ.

අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.8ක මුද­ලක් වැය­වන බවට ඇස්ත­මේන්තු කර ඇති ඊජි­ප්තුවේ නව පරි­පා­ලන අග­නු­වර ඉදි­කි­රී­ම්ව­ලින් 85%ක්ම චීන ආයෝ­ජන යටතේ සිදු කරන අතර, චීන එක්සිම් බැංකුව ඩොලර් බිලි­යන 2.2ක් ආයෝ­ජ­නය කර තිබෙන බවත් සඳහන්.

එහි ඉදි­කි­රීම් කට­යුතු පම­ණක් නොව මෙහෙ­යුම් සහ නඩත්තු කිරීම් ද චීනය විසින් සිදු කිරී­මට නිය­මිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද චීන සමා­ගම් විසින් කළ­ම­නා­ක­ර­ණය කරනු ලබන විදේ­ශීය ඉදි කිරිම් ව්‍යාපෘ­ති­වල ගුණා­ත්ම­ක­භා­වය සහ විනි­වි­ද­භා­වය සම්බ­න්ධව ජාත්‍ය­න්තර වශ­යෙන් ගැටලු මතුවී ඇති බවත්, ඊජි­ප්තුවේ නව පරි­පා­ලන අග­නු­වර කල්පැ­වැත්ම සහ ආර­ක්ෂාව සම්බ­න්ධව එවැ­නිම ආකා­රයේ ගැටලු මතු­වීමේ ඉඩ­කඩ ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

World News

Send your contact Details Today