Latest News

ගුවන්තොටුපොළකට වලහෙක් කඩා වදියි – ගුවන් ගමන් රැසකට බාධා (VIDEO)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වලසකු කඩාවැදීම හේතුවෙන් ගුවන් තොටුපොළක මෙහෙයුම් සඳහා බාධා එල්ල වූ පුවතක් ජපානයෙන් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ, උතුරු ජපානයේ යමගාටා ගුවන් තොටුපොළකින්.

ගුවන් තොටුපොළට කඩාවැදී තිබුණේ කළු වලසකු වන අතර, ඒ හේතුවෙන් ගුවන් පථය වසාදැමීම හමුවේ ගුවන් ගමන් ප්‍රමාදයන් ද වාර්තා වුණා.

ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය වලසා පළවාහැරීමට මෝටර් රථයක් භාවිත කළ නමුත් එය අසාර්ථක වීම හමුවේ අඛණ්ඩව ධාවන පථය වසා දැමීමට සිදුව ඇති අතර සත්වයා ආසන්න ප්‍රදේශවල සැරිසරමින් සිට ඇති බව වාර්තා වනවා.

තත්වය අනුව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් යමගාටා ගුවන්තොටුපල නිලධාරි අකිරා නාගයි පැවසුවේ ගුවන් ගමන් 12ක් අවලංගු කිරීමට සිදුවූ බවයි.

වලසා අල්ලා ගැනීම සඳහා දඩයම්කරුවන් උගුල් අටවා තිබූ අතර සත්වයා පළායෑම වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් ගුවන් තොටුපළ වටකර තිබුණා.

World News

Send your contact Details Today