Latest News

DNA කෘත්‍රිමව නිර්මාණය කිරීමට සූදානමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිනිස් DNA අණුවල එක් එක් කොටස් මුල සිට ම නිර්මාණය කිරීමේ මතභේදාත්මක ව්‍යාපෘතියක් ආරම්භ වී තිබෙනවා.

මෙය ලොව ප්‍රථම වරට සිදුවන බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ දක්වා සදාචාරාත්මකව පිළිගත නොහැකි දෙයක් ලෙසයි මෙම පරීක්ෂණ සලකනු ලැබුවේ.

මෙහිදී ජානමය වශයෙන් වෙනස් කරන ලද දරුවන් හෝ අනාගත පරම්පරා කිනම් බලපෑමක් ඇති කරනු ඇති දැයි යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පැවතුණා.

මේ වනවිට ලොව විශාලතම වෛද්‍ය පුණ්‍යායතනය වන Wellcome Trust මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා සහාය ලබා දී තිබෙනවා.

එම ආයතනය මූලික වශයෙන් පවුම් මිලියන 10ක මුදලක් ලබා දී ඇති බව සඳහන්.

එම ආයතනය පෙන්වා දෙන්නේ සුව කළ නොහැකි රෝග රැසකට ප්‍රතිකාර සොයා ගැනීමටද මෙමඟින් හැකියාව ලැබෙන බවයි.

එම නිසා මෙම ක්‍රමයෙන් හානියකට වඩා යහපතක් කිරීමට එයට හැකියාවක් ඇති බව පැවසෙනවා.

මෙම ව්‍යාපෘතියේ සාමාජිකාවක වන කේම්බ්‍රිජ්හි MRC Laboratory of Molecular Biology ආයතනයේ ආචාර්ය ජූලියන් සේල් පැවසුවේ, මෙම පර්යේෂණය ජීව විද්‍යාවේ ඊළඟ යෝධ පිම්මක් බවයි.

මිනිස්සු වයසට යද්දී රෝග අඩු ගණනකින් මෙන්ම සෞඛ්‍ය සම්පන්න වයසට යාමකට මඟපාදන ප්‍රතිකාර මෙමඟින් හමුවන බවයි ඔහු සදහන් කළේ.

World News

Send your contact Details Today