Latest News

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා ට්‍රම්ප්ට වාසියක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා.

ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් නිකුත් කළ නියෝග කොංග්‍රසය විසින් වෙනත් අධිකරණවලට ලබා දී ඇති බලය ඉක්මවා යෑමක් ලෙසයි තීන්දුවේ දැක්වෙන්නේ. ‍

අමෙරිකානු තනි ෆෙඩරල් විනිසුරුවන්ට විධායක ජනාධිපති ගන්නා ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය සිමා කිරීමත් මෙහිදී සිදු වනවා.

උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළවයි 6ට 3ක් ලෙස මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

කෙසේවෙතත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බධව සංක්‍රමණික අයිතිවාසිකම් කණ්ඩායම් විසින් ජාතික පන්ති ක්‍රියාකාරී නඩුවක් ගොනු කිරීමට උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today