Latest News

හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට දුන් විකල්පය

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෝන් එෆ්. කෙනඩි රජයේ පාසලේ ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන්ට සිය අධ්‍යයන කටයුතු කරගෙන යාමට විකල්පයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ඉගෙනුම් කටයුතු වසරකට වැඩි කාලයක් සම්පූර්ණ කළ සිසුන්ට කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සිය අධ්‍යයන කටයුතු සිදු කරගෙන යා හැකි වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හාර්වඩ් – කෙනඩි පාසලේ පීඨාධිපති ජෙරමි වයින්ස්ටයින් පැවසුවේ, මෙම සැලසුම් ක්‍රියාත්මක වීමත් සමග විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට නොහැකි සියලු‍ම සිසුන්ට ජත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට හැකි වනු ඇති බවයි.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් බදවාගැනීම අත්හිටුවා ඇති පසුබිමක ට්‍රම්ප් පරිපාලනය පසුගිය දා පියවර ගත්තේ නව විදේශීය ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමටයි.

World News

Send your contact Details Today