Latest News

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ තායිවානයේ හිටපු සෙබළෙක්ට සිදු වූ දේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිවානයේ මහාධිකරණය විසින් එරට හිටපු හමුදා සෙබළෙකුට වසර දෙකයි මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ චීනයට රහසිගත ලෙස හමුදා ලේඛන ඡායාරූපගත කිරීම සහ එම තොරතුරු මුදා හැරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීම හේතුවෙන්.

වරදකරු කෙරුණු පුද්ගලයා චෙන් නමැත්තෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

විත්තිකරු අමෙරිකානු ඩොලර් 2,700 ක ගෙවීමක් සඳහා ලියකියවිලි සම්මත කිරීම වෙනුවෙන් තායිවාම සන්නද්ධ හමුදාවන්ගේ අපරාධ නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බව අධිකරණය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

කෙසේවෙතත් විත්තිකරු හමුදා සේවයේ සිටියදී දැරූ නිලය හෝ ඔහු චීනයට ලබා දී ඇත්තේ කුමන වර්ගයේ රහස්‍ය තොරතුරු ද යන්න අනාවරණ වී නැහැ.

World News

Send your contact Details Today