ක්‍ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත වන පුද්ගලයින්ට දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි බව ස්වීඩනයේ සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා, ඉගැන්වීම, සමාජ සේවා, පාරිභෝගික සේවා හෝ ප්‍රවාහනය වැනි රැකියා සිදු කරන පුද්ගලයින්ට මෙම අවදානම වැඩි වශයෙන් පවතින බවයි හෙළි වී තිබෙන්නේ.
මෙම පර්යේෂණය 2006 සිට 2020 දක්වා මිලියන 3 කට අධික පිරිසක් නිරීක්ෂණය කරමිනුයි සිදුකර ඇත්තේ.
ගැටුම්කාරී වටපිටාවක් තුළ සේවය කරන සේවකයින් දියවැඩියාව වැළඳීමේ අවදානම 24% කින් ඉහළ තිබෙන බවද සමීක්ෂණයෙන් හෙළිකර තිබෙනවා.
මෙහිදී සිදු වන්නේ රුධිරයේ සීනි කළමනාකරණය කිරීමට ශරීරයට ඇති හැකියාවට ආතතිය මඟින් හානි කිරීම බව පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා.
එමඟින් සිරුරේ හෝමෝන වෙනස්කම් ඇති කළ හැකි බව ද පර්යේෂකයින් විශ්වාස කරනු ලබනවා.