කෙන්යා රජයට එරෙහිව දහස් ගණනක් වීදි බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් අවම වශයෙන් 16 දෙනෙකු මියගොස් 400 ක් තුවාල ලබා ඇති අතර 83 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙන්යා ජනාධිපති විලියම් රූටෝගේ රජයට එරෙහිව විරෝධතා මුලින්ම ආරම්භ වූයේ 2024 වසරේදීයී.
එහි උච්චතම අවස්ථාවට මේ වන විට පැමිණ ඇති බව නයිරෝබි අගනුවර සහ අනිකුත් නගරවල විරෝධතාකරුවන් දහස් ගණනක් විදි බැස සිටින බව කෙන්යා වාර්තා සදහන් කරනවා.
විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් ද උග්‍ර අතට පත්ව තිබෙනවා.
මෙම විරෝධතා රූපවාහිනී සහ ගුවන්විදුලි මගින් සජීව ලෙස විකාශය කිරීම රජය මගින් තහනම් කළ නයිරොබ් මහාධිකරණය මෙම නියෝගය අවලංගු කළා.
ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමයට හා ස්ථාවරත්වයට තර්ජනයක් නොවන ලෙසයි.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඔහුගේ නිලනිවසට ලගාවීමට උත්සාහ කිරීමේදී පොලීසිය එය වළක්වා තිබෙනවා.
එහෙත් තරුණ විරෝධතාකරුවන් ඊට කඩා වදින බවට තර්ජනය කර ඇති බැවින් ජනාධිපතිවරයා නිල නිවස වන රාජ්‍ය මන්දිරය අතහැර ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.