ශ්‍රී ලංකාවේ ළමයින් අතර බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය පෙන්වා දෙන්නේ.
දියවැඩියාව , අධි රුධිර පීඩනය අතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවධානම ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න මහත්මිය පවසනවා.
අවුරුදු 13ත් , 17ත් අතර දරුවන්ගේ ස්ථුලභාවය ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පැණි බීම, ලුණු සහිත ආහාර, අධික තෙල් සහිත ආහාර මෙන්ම සීනි පරිභෝජනය ඉහළ යාම දරුවන්ගේ මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
මේ අතර වර්තමානයේ මෙරට කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු ගෘහස්ථ හිංසනයට ලක්වන බව ද අනාවරණය වී තිබෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දිනුෂා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ නවතම සංඛ්‍යා ලේඛන අනුව මෙම තත්ත්වය අනාවරණය වී ඇති බවයි.