Latest News

මෙක්සිකෝවේ ආගමික උත්සවයකට වෙඩි වරුසාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙක්සිකෝවේ ආගමික උත්සවයක දී සිදු වූ සමූහ වෙඩි තැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ ශාන්ත ජෝන් බැප්ටිස්ට් සැමරීම සඳහා ජනයා වීදියේ නර්තනයේ යෙදෙමින් හා මත්පැන් පානය කරමින් සිටියදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙක්සිකානු ප්‍රාන්තයක් වන ගුවානජුවාටෝ හි ඉරාපුවාටෝ නගරයේ පැවති සැමරුමකට තුවක්කුකරුවන් විසින් ඊයේ (25) රාත්‍රියේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඇතැමුන් වෙඩි ප්‍රහාරයෙන් බේරීමට වීදි හරහා වේගයෙන් දිව යන ආකාරය සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කෙරෙනවා.

ඉරාපුවාටෝ නිලධාරි රොඩොල්ෆෝ ගෝමස් සර්වන්ටෙස් බදාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

World News

Send your contact Details Today