HIV ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල මඟින් සලසනු ලබන ප්‍රදාන අරමුදල් යටතේ එම රෝග කළමනාකරණය, වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට අනුමැතිය ලැබී තිබෙනවා.
HIV ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව යන රෝග ත්‍රිත්වය කළමනාකරණය, වැලැක්වීම සහ පාලනය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ 2002 සිට HIV ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල (GFATM) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
2021 වර්ෂයේ සිට එම ව්‍යාපෘතිය යටතේ ක්ෂය රෝගය සහ HIV ඒඩ්ස් යන සංරචක දෙක පමණක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා වන ජාතික උපාය මාර්ගික සැලැස්මේ සහ ශ්‍රී ලංකාවේ HIV ඒඩ්ස් වසංගතය අවසන් කිරීම සඳහා වන 2023-2027 ජාතික උපාය මාර්ග සැලැස්මේ නියමිත ඉලක්ක සහ අරමුණු සාක්ශාත් කර ගැනීම සඳහා 2025-2027 ආධාර ප්‍රදාන චක්‍රය ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව 2025-2027 කාලය තුළ ක්ෂය රෝග සංරචකය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.97 ක අරමුදල් සහ HIV ඒඩ්ස් පාලන වැඩසටහන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.38 ක අරමුදල් ලබා දීමට HIV ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල විසින් එකඟතාව පළ කර තිබෙනවා.