Latest News

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ පුද්ගලයන් තිදෙනෙකුට ඉරානයෙන් දුන් දඬුවම

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයින් තිදෙනෙකු ඉරානය එල්ලා මරා දමා ඇති බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි පවසනවා.

“ඝාතන සිදු කිරීම” සඳහා උපකරණ රට තුළට හොර රහසේ ගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් වරදකරුවන් වූ බව මිසාන් ඒජන්සිය පවසනවා.

එළෙස ඊශ්‍රායලයට “සහයෝගී වීම” සඳහා අත්අඩංගුවට ගෙන නඩු පවරන ලද පුද්ගලයින් වන්නේ මිසාන් ඉද්‍රිස් අලි, අසාද් ෂෝජායි සහ රසූල් අහමඩ් රසූල් යන තිදෙනායි.

රාජ්‍ය අනුබද්ධ නූර් නිවුස් වාර්තා කරන පරිදි, දින 12 ක ගැටුමේදී ඊශ්‍රායලය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා ලැබූ පුද්ගලයින් 700 දෙනෙකු ඉරානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today