ඉන්දීය ජනප්‍රිය දෙමළ සහ තෙළිඟු නළු ශ්‍රීකාන්ත් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සහ භාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු මෙසේ අත්අඩංගුවට ගත බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය විසින් ඔහුගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කර තිබෙනවා.
පරීක්ෂණ සඳහා යවන ලද ඔහුගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය භාවිතය තහවුරු කළ බව වාර්තා වෙන නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ඔහු ජූලි 7 වැනිදා දක්වා සිරගත කර තිබෙනවා.