Latest News

අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයේ විනාශ කිරීමට නොහැකි වූ දේ ගැන බුද්ධි අංශ හෙළිකරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට අමෙරිකාව එල්ල කරන ලද ප්‍රහාර අසාර්ථක වූ බව බුද්ධි අංශ වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ, ඉරානය සතුව පවතින න්‍යෂ්ටික ශක්තිය හෝ හැකියාව අමෙරිකානු ගුවන් ප්‍රහාර හමුවේ විනාශ කළ නොහැකි බවට බුද්ධි අංශ තහවුරු කර ඇති බවයි.

එය කෙටි පසුබෑමක් පමණක් බවත් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පසුව අස්ථාවර වූ සටන් විරාමයක් ද ඉරානය හා ඊශ්‍රායලය අතර හටගෙන ඇති බව ද බුද්ධි අංශ පවසනවා.

ඊයේ (24) ට්‍රම්ප් මැදපෙරදිග සටන් විරාමයක් ක්‍රියාත්මක බවට නිවේදනය කළ ද, ඉරානය එය නොතකමින් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් සහ ඉන්පසුව ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට දෙපාර්ශ්වයම ලක් වුණා.

කෙසේ නමුත් මේ වනවිට ඊශ්‍රායලය හා ඉරානය යන දෙපාර්ශ්වය ම සටන් විරාමයක් ඇති කරගෙන තිබෙන බවටයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

මේ අතර ඉන්දියාව විසින් තම කනස්සල්ල නැවත පළ කර සිටිනවා.

ඒ කලාපීය අස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්.

කෙසේවෙතත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය සාදරයෙන් පිළිගන්නා බව ද ඉන්දියාව නිවේදනය කර තිබෙනවා.

සටන් විරාමය ආරම්භ වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.

පසුව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක රැයකින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම යෝජනාවකට තම රට එකඟ වූ බවයි.

World News

Send your contact Details Today