Latest News

ඊශ්‍රායලයේ චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සටන් විරාමයෙන් පසුව ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරන බව ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට වන වාර්තා අසත්‍ය බවයි.

ඉරාන – ඊශ්‍රායල යුද්ධය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාලය තුළදී ඉරානයෙන් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගෙන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අදහස් දක්වා තිබුණා.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානය සිදුකළ පහරදීමට විරුද්ධව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවයි.

එසේම තවදුරටත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඉරානය මඟින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට විරුද්ධව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බව ඔහු ප්‍රකාශ කරනවා.

World News

Send your contact Details Today