ඉරානයට අනාගතයේ දී න්‍යෂ්ටික අවියක් තැනීමට අවශ්‍ය වේ නම්, ඉතා බලවත් අමෙරිකානු හමුදාව සමග කටයුතු කිරීමට සිදු වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේඩී වැන්ස් අනතුරු අඟවා තිබෙනවා.
‘The Hindustan Times’ පුවත් සේවය පැවසුවේ වැන්ස් මෙම ප්‍රකාශය ඉරානයට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස නිකුත් කර ඇති බවයි.
ඊශ්‍රායලය හා ඉරානය අතර එළඹි සටන් විරාමයෙන් අනතුරුව අමෙරිකානු උප ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන නැවත ආරම්භ කිරීමෙන් වැළැක්වීමේ අමෙරිකානු පරිපාලන අභිප්‍රාය ඉස්මතු කරමිනුයි වැන්ස් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.