ඊශ්‍රායලයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එම උපුටා ගැනීම පහතින්…
1. ගතවූ පැය 24 තුළ ඉරානයෙන් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වූ බව සටහන් වුව ද ඒවායින් කිසිවෙකුටත් පීඩා ඇති වූ බව වාර්තා නොවේ.
2. ඊශ්‍රායලය හා ඉරානය පුර්ණ සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ප්‍රකාශයක් උපුටා ගනිමින් ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි. එහෙත් මෙම නව ප්‍රවණතාවය පිළිබඳව මේ දක්වා ඊශ්‍රායිල් රජයෙන් නිල ප්‍රකාශයක් සිදු කර නැත.
3. නවතම තොරතුරු අනුව තම නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට ගමන් කළ 219 දෙනෙකු නැවත ඊශ්‍රායලය බලා පැමිණීමට නියමිතය.
4. ඉරාන- ඊශ්‍රායල් යුද්ධය හේතුවේ ඊශ්‍රායලයට නියමින දිනට පැමිණීමට නොහැකිවූ විදේශිකයන්ගේ RE-ENTY වීසා කාලය 2025 ජූලි මස 31 දක්වා දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇත. මේ බව සියලුම ගුවන් සේවාවලට දැනුම් දෙන අතර ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔව්‍ය්නට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇත.
5. ඉන්දියානු රජය විසින් ක්‍රියාත්මක කරන අම්මාන් ගුවන්තටුපලේ සිට නව දිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ලියා පදිංචි වී සිටිති. අදාළ ගුවන් යානය 2025 ජුනි මස 25 වැඩි දින ගමන් කිරීමට නියමිතය.
6. එසේම ඉදිරි දින කීපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටිති. මේ දක්වා ශ්‍රී ලංකාවට ගොස් ඇති පිරිස 5 කි.
7. ඉරානය හා ඊශ්‍රායලය අතර යෝජිත සාම ප්‍රයත්නය හේතුවෙන් ඊශ්‍රායලයේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.