ඉන්දියාවේ තමිල්නාඩු, කර්ණාටක, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ඇතුළු බොහෝ ප්‍රාන්තවල ගම්මානවල කුකුළු පොර ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වනවා.
ඒ අනුව උත්සව සමයේදී කුකුළු පොර විශේෂයෙන් ජනප්‍රියත්වයක් ලබනවා.
කාලයත් සමඟ කුකුළු පොර සූදු ක්‍රීඩාවක් බවට පත්වීම හේතුවෙන් තමිල්නාඩු රජය විසින් මෙම ක්‍රීඩාව තහනම් කළා.
එසේ වුවද, තමිල්නාඩුවේ ඇති කරන ලද කුකුළන් බොහෝ විට අනෙකුත් ප්‍රදේශවල කුකුළු පොර සඳහා යොදා ගන්නවා.
මේ හේතුවෙන් තමිල්නාඩුවේ කුකුළු පොර කර්මාන්තය දියුණු වී ඇති බවයි වාර්තා වන්නේ.
සටන් සඳහා හොඳින් පුහුණු කළ කුකුළන්, සටන් පුහුණුවෙන් පසු විකිණීම සඳහා යවනු ලබනවා.
කුකුළු පොර ගොවිපල හිමියන්ට අනුව, කුකුළෙකුගේ සටන් හැකියාව අනුව එහි මිල ඉන්දියානු රුපියල් 5,000 සිට ලක්ෂ 1 දක්වා පරාසයක පවතින බවයි පැවසෙන්නේ.