අමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් පසු, සෞදි අරාබිය සහ ආශ්රිත ගල්ෆ් රටවල් වෙතින් කිසිඳු විකිරණ දූෂණයක් හමු නොවී ඇති බව සෞදි අරාබියේ න්‍යෂ්ටික හා විකිරණ නියාමන කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශ කරනවා.
ඒ අනුව “පරිසරය තුළ කිසිඳු විකිරණමය බලපෑමක් අනාවරණය වී නැහැ” ලෙසයි එම ආයතනය පැවසුවේ.
මෙය, ප්‍රදේශය තුළ ජනතාව අතර ඇතිවූ භීතියට සාමකාමී සහතිකයක් ලෙසයි සැලකෙන්නේ.