අමරිකානු හමුදාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා තිබෙනවා.
මෙම ප්‍රහාරවල දී ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පියවර ගත් බවයි ඔහු මෙහිදී සදහන් කළේ.
මේ අතර ට්‍රම්ප් ජාතිය අමතා සිදුකළ කතාවේ දී ඉරානයට සාමය ඇති කරන ලෙස ඉල්ලා තිබෙනවා.
එසේ නොවුන හොත් අනාගතයේ ප්‍රහාර වඩා නරක අතට වනු ඇති බවයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.
“මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් තව ඉතිරිව තිබෙනවා. ඇතැම් විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායලයට එල්ල වූ බිහිසුණු තර්ජනය මකා දැමීමට ඔවුන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත්, තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමතා සුබ පැතූ බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ දී සඳහන් කර තිබුණා.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල කළා.
ඒ අනුව හමුදාවට අයත් B2 ප්‍රහාරක යානා 06ක් මෙම ප්‍රහාරයට එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්‍රහාරයෙන් පසු සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවයි.
“මෙය අමෙරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක්, ඉරානය දැන් මෙම යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු” බව ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබෙනවා.