Latest News

ඉරාන – ඊශ්‍රායල ගැටුම් නිසා ඉන්දියාව, “සින්ධු” මෙහෙයුම අරඹයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ඉන්දීය ජාතිකයින් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් සැලකිල්ලට ගනිමින්.

ඒ වෙනුවෙන් ඉන්දියාව මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එය නම් කර ඇත්තේ Operation Sindhu ලෙසයි.

එහිදී ඊශ්‍රායලයේ සිටින ඉන්දියානුවන්ට ගොඩබිම් දේශසීමා හරහා ඊශ්‍රායලයෙන් පිටවීමට හැකියාව පවතින අතර ඔවුන්ව ගුවන් මගින් නවදිල්ලිය වෙත රැගෙන ඒමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ සඳහා ටෙල් අවිව්හි ඉන්දියානු තානාපති කාර්යාලය ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරන බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

එලෙස ඉන්දියාව පැමිණීමට අපේක්ෂා කරන සියලු ඉන්දියානුවන්ට ටෙල් අවිව්හි ඉන්දියානු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස දැනුම් දී තිබෙනවා.

විදේශයන්හි සිටින ඉන්දියානු ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය රජය ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව ද එම අමාත්‍යංශය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

World News

Send your contact Details Today