දරුවන් 796 දෙනෙකුට අයත් බව සැලකෙන සිරුරු කොටස් සොයා ගත් අයර්ලන්තයේ භූමියක කැණීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
අයර්ලන්තයේ ටුවාම් නගරයේ පාලු වී තිබෙන නිවසක් සහ බිම් ප්‍රදේශයක් ආශ්‍රිත මෙම අනාවරණ සිදුව තිබුනේ 2014 වසරේදීයි.
මෙම දරුවන් අලුත උපන් බිලිදුන්ගේ සිට අවුරුදු 9 දක්වා දරුවන්ගේ බවටයි සැක පළ කෙරෙන්නේ.
මෙම තත්වය අයර්ලන්තයේ ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස පසුගිය කාලයේදී වාර්තා කෙරුණා.
මෙම නිවසේ වරින් වර එනම් 1925 සිට 1961 තෙක් විවාහයෙන් පිටත ගැබ්ගත් කාන්තාවන් වාසය කර තිබූ බව සඳහන්.
එම නිවස 1972 දී කඩා බිඳ දැමූවත්, එහි භූමිය දිගු කාලයක් පුරා අතහැර ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
2022 දී මෙම ප්‍රදේශය නීතිමය වශයෙන් කැණීම් අරඹන්නට පනත් සම්මත වී තිබෙනවා.
ප්‍රාදේශීය ඉතිහාසඥ කතීරින් කොර්ලිස් 2014 දී මෙම ස්ථානයේ සැඟවුණු මිනිස් සිරුරු කොටස් පිළිබඳ සාක්ෂි හෙළි කර තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා .
මෙම දරුවන් කිසිවකු මියගොස් භූමදාන සිදුකල බවට වාර්තා නොමැති අතර, ඔවුන් අපවිත්‍ර ජලාශයකට දමා තිබූ බවටයි සැක පළව තිබෙන්නේ.
2021 දී පරීක්ෂණ කොමිසමක් පැවසුවේ මෙම දරුවන්ගේ මරණ තත්වය අතිශයින් ශෝක සහගත බව හා වරින් වර ආරම්භ කෙරෙණු පරීක්ශණ අවසන් නිගමනයකින් තොරව අතරමැද නැවතා දැමුණු බවයි.
ඒ අනූව භූමියේ සත්‍යය අනාවරණය කිරීම සඳහා මෙම වසරේ ජූලි මාසයේදී කැණීම් ආරම්භ වනවා.