Latest News

ගුවන් යානයක්, ගුවන් පාලමක ගැටෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Qantas ගුවන් යානයක් ගුවන් පාලමක ගැටී තිබෙනවා.

ඒ Brisbane ජාත්‍යන්තර ගුවන්තොටුපළේදයී.

බෝයිං 737-800 ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්.

නවසීලන්තයේ Queenstown සිට පැමිණ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබසිමින් සිටියදී යානය අනතුරට ලක්ව තිබුණා.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර මෙම අවස්තාවේදී QF186 ගුවන් යානයේ මගීන් පඩිපෙළ හරහා ගුවන් යානයෙන් පිටතට ගමන් කළ බව Qantas සමාගම නිවේදනය කළා.

යානයේ ඉදිරිපස ගුවන් පාලමේ ගැටුනේ කෙසේදැයි විමර්ශනය කරමින් සිටින බව ගුවන් සේවය සඳහන් කර තිබෙනවා.

ගුවන් යානය ඉංජිනේරුවන් විසින් පරීක්ෂා කර නැවත ගුවන් ගමන් සඳහා පැමිණීමට පෙර අලුත්වැඩියා කරන බවද සමාගම කියා සිටියා.

World News

Send your contact Details Today