Latest News

51 දෙනෙකුට මරු කැඳවූ ඊශ්‍රායල ප්‍රහාරය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල දෛනිකව වෙඩි තැබීම් සිදුවන අතර වැඩිම පිරිසක් මියගිය හා තුවාල ලැබූ සිදුවීම මෙය බව සඳහන්.

ලෝක ආහාර වැඩසටහන යටතේ පිටි ලබා දෙන තවත් ස්ථානයකට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

World News

Send your contact Details Today