Latest News

ඉන්දු – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරාග්චි අතර දුරකථන සංවාදයක් පැවැති බව ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.

එහිදී ඔවුන් අතර මැද පෙරදිග ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ඉරාන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉක්මනින් ඉරානය සමග රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹෙන ලෙසයි.

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවතින අයහපත් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ ගැඹුරු සැලකිල්ල ප්‍රකාශ කළා.

මැද පෙරදිග කලාපය අස්ථාවර කරන ඕනෑම පියවරකින් වැළකී ඉක්මනින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ආපසු යා යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today