Latest News

ඊශ්‍රායල – ඉරාන ගැටුම ගැන යුද විශ්ලේෂකයින් කළ අනතුරු ඇඟවීම මෙන්න

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ඉරානයට සිදුකළ බිහිසුණු ප්‍රහාරයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයේ ඉහළ පෙළේ හමුදා සාමාජිකයින් හා න්‍යෂ්ටික විශේෂඥයින් ඇතුලු සාමාන්‍ය වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලිකමේනි ප්‍රකාශ කර සිටින්නේ ඉරානයේ පළිගැනීම වේදනාකාරී විය හැකි බවයි.

ඉරානයට සිදුකළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ ටෙල්අවිව් සහ ජෙරුසලම් යන නගරවලට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

එම මිසයිලවලට බාධා කරන ඊශ්‍රායලය ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වුව ද මිසයිල කිහිපයක් නගර වෙත වැටී තිබෙනවා.

ඉන් එක් අයෙකු මියගොස් පුද්ගලයින් 34 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඊශ්‍රායල හා ඉරාන යුද ගැටුම පුළුල් කලාපීය ගැටුමක් බවට පරිවර්තනය විය හැකි බවටයි යුද විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

World News

Send your contact Details Today