Latest News

ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ශූරයා පරාජය කළ ශ්‍රී ලාංකික ශූරයා

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ශූර ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්සන් ඇන්ටොන්සන් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූර විරේන් නෙත්තසිංහ සමත්ව තිබෙනවා.

ඒ ඊයේ වෙළඳ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති ප්‍රදර්ශනාත්මක තරගයකදීයි.

එහිදී විරේන් වට දෙකට බිංදුවක් ලෙසින් ඇන්ඩර්සන් පරාජයට පත්කරනු ලැබුවා.

වට දෙකේ ලකුණු තත්වය දැක්වුණේ 21-18 ක් සහ 21-14 ක් ලෙසයි.

කෙසේවෙතත් තුන් වතාවක් ලෝක ශූරතා පදක්කම්ලාභී ක්‍රීඩකයාට මුහුණ දීම සඳහා සුළු පීඩනයක් සහිතව මිත්‍රශීලී තරගයට පිවිසි විරේන් සන්සුන්ව තම ගමන ආරම්භ කළා.

ඔලිම්පික් සඳහා සෘජු සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා පරීක්ෂා කිරීමට ඇන්ඩර්ස් උපායශීලී සහ තාක්ෂණික වශයෙන් පරිපූර්ණ පියවර කිහිපයක් සිදු කළද, විරාන් second setහිදී ඉතා සූක්ෂමව සිය ජයග්‍රහණය කරා ළඟාවුණා.

ඇන්ඩර්සන් එහිදී පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ ශක්තිමත් තරුණයෙකුට එරෙහිව ක්‍රීඩා කළ බව හා ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ශක්තිමත් දක්ෂයෙකු සිටින බවයි.

ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව රී ලංකා බැඩ්මින්ටන් ශූර විරේන් නෙත්තසිංහ පසුවන්නේ 66 වන ස්ථානයේයි.

World News

Send your contact Details Today