ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙයි පිපිරීම් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන අන්දමට මෙම ප්‍රහාර සැලසුම් කර ඇත්තේ අප්‍රේල් අග භාගයේදීයි.
හිස්බුල්ලා සංවිධානයේ දිගුකාලීන නායකයා වූ හසන් නස්රල්ලා ඝාතනයෙන් පසු ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට පටන් ගත් බවද ඊශ්‍රායල අගමැතිවරයා චෝදනා කරනවා.
එම න්‍යෂ්ටික වැඩසටහන අහෝසි කිරීමට මාස 6කට පෙර නියෝග කළ බවත්, ඒ අනුව අප්‍රේල් මස අවසානයේදී මෙහෙයුම සඳහා දින නියම කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
එමෙන්ම එක්සත් ජනපදයේ සහාය නොමැති විට පවා ඉරානයට පහර දීම හැර ඊශ්‍රායලයට වෙනත් විකල්පයක් නොතිබූ බවත් ප්රහාරයන් සම්බන්ධව එක්සත් ජනපදයට කල්තියා දැනුම් දී ඇති බවත් පැවසූ ඊශ්‍රායල අගමැතිවරයා දැන් කුමක් කිරීමට තීරණය කරන්නේද යන්න වොෂින්ටනයට භාර බවත් පවසා තිබෙනවා.