Latest News

සිංහයන්ට එරෙහි බංගලියන් ශ්‍රී ලංකාවට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම තරග සංචාරයේ දී ටෙස්ට් තරග 02ක්, එක් දින සීමිත ඕවර් 50 තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03ක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම එක් වනු ඇති.

පළමු ටෙස්ට් තරගය එළඹෙන ජුනි මස 17 දින සිට 21 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේත්, දෙවන ටෙස්ට් තරගය ජුනි මස 25 දින සිට 29 දින දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීත් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග 03 එළඹෙන ජූලි මස 02 , 05 සහ 08 යන දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

විස්සයි විස්ස තරග 03 එළඹෙන ජූලි මස 10,13 සහ 16 යන දිනවල පල්ලෙකැලේ, දඹුල්ල සහ කොළඹ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිවල දී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 05 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම ඊයේ පස්වරු 03.35 ට ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සෙසු පිරිස අද (13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

World News

Send your contact Details Today