Latest News

✈ අහමදාබාද් ගුවන්යානා අනතුරින් මිය ගිය ගණන ඉහළට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ගුවන් ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස ඊයේ (12) දහවල් අඳුරු මතක ගොන්නට එකතු වූ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මගීන්ගේ තොරතුරු මේ වනවිට හෙළිවෙමින් පවතිනවා.

ඒ අනුව ඉන්දියාවේ අහමදාබාද්හි ගුවන් අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 290 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය සංඛ්‍යාවට ගුවන් යානයේ සිටි පුද්ගලයින් සහ අනතුර වූ ස්ථානයේ සිටි අය ද ඇතුළත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි 242 දෙනාගෙන් 241 දෙනෙකු අනතුරින් මිය ගිය බවයි ගුවන් සමාගම සඳහන් කර තිබෙන්නේ.

මේ අතර ජීවිතයේ වසර ගණනාවක් දුෂ්කර කාර්තු ගෙවා, විදෙස්ගත ව ජීවත් වන්නට අනාගත සිහින මැවූ ආදරණීය කැදැල්ලකට ද ඊයේ සිදු වූ ගුවන් අනතුරින් ජීවිත අහිමි වූ බව මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වන පුවතක් වී හමාරයි.

නමින් රතික් ජෝෂි වන ඔහු වසර 06ක් ම බ්‍රිතාන්‍යයේ ජීවත් වූ වෘත්තීයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් මෙන් ම එම ක්ෂේත්‍රයේ විශේෂඥවරයෙක්.

සිය වෘත්තීය තුළ ආචාර්‍යය රතික් ජෝෂි යනුවෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ මෙම පුද්ගලයා සිය වෛද්‍යවරියක් වූ බිරිඳ වන ආචාර්‍යය කොමි වියාස් සහ කුඩා දරුවන් තිදෙනා සමග ඊයේ දහවල් 01.38ට ගුවන්ගත වන එයාර් ඉන්දියන් ගුවන් යානයට පිවිසුණේ, අලුත් රටක නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින්.

රතික් ජෝෂිගේ බිරිඳ වන වෛද්‍ය කොමි වියාස් සිය මව් රටට සමුදෙමින් බ්‍රිතාන්‍යයේ පදිංචි වීම සඳහා තමන් සේවය කළ උදයිපූර් හි පැසිෆික් රෝහලට සමුදීම සිදු කෙරුණේ දින දෙකකට පමණ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අවසානයේ දී සිදු වූයේ ඔවුන් පස්දෙනාට ම මැවූ සිහින තුරුල් කරගෙන ම දෑස් පියාගන්නට වීම කෙතරම් අවාසනාවන්ත සිදුවීමක් ද?

ඔවුන් ගුවන් යානයට ගොඩවී ගත් අවසන් ඡායාරූපය ද මේ වනවිට සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක් වන සංවේදීම ඡායාරූපයක් වී තිබෙනවා.

මෙම විශිෂ්ට ආචාර්‍යයවරුන් දෙදෙනාගේ පුංචි මල් කැකුළු වූ පස් හැවිරිදි පිරිමි නිවුන් දරුවන් දෙදෙනා සහ 8 හැවිරිදි දියණිය ද ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.

එක් පුද්ගලයෙකු හැරෙන්න යානයේ සිටි මගීන් 241කට මෙම ගුවන් අනතුරෙන් මරු කැඳවූ අතර, එහි ජෝෂි පවුලේ සාමාජිකයන් පස් දෙනා ද වනවා.

අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවට ද පැමිණ ඔවුන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ද වැඳ පුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today