Latest News

අමෙරිකාව පුරා අලුත් මෙහෙයුමක් – නීති විරෝධී සංක්‍රමණිකයින්ට වැඩ වරදී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නීති විරෝධී සංක්‍රමණිකයින්ට එරෙහි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයට විරෝධය පළ කරමින් ආරම්භ වූ විරෝධතා එරට ප්‍රධාන නගර රැසකට ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම විරෝධතා පළමුව ආරම්භ වුණේ ලොස් ඇන්ජලීස් නුවරින්.

එහි විරෝධතා පැවති 06 වන රාත්‍රියේත් විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අතරතුරයි සෙසු ප්‍රධාන නගරවල ද විරෝධතාකරුවන් සමඟ පොලීසිය ගැටුම් හටගෙන ඇත්තේ.

වොෂින්ටනයේ ස්පෝකේන් ප්‍රදේශයට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී පමණක් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 30කට අධිකයි.

රට පුරාම ව්‍යාප්ත වන විරෝධතාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ද මේ වන විට ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතරතුර නීති විරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එය මුලින් ආරම්භ වුණේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්.

World News

Send your contact Details Today