Latest News

චීනයේ නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවල් සංඛ්‍යාව ඉහළට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය හරහා තෙවැනි රටකට හෝ කලාපයකට සංචාරය කරන්නේ නම් වීසා භාවිතයෙන් තොරව චීනයට ඇතුළු විය හැකි ප්‍රතිපත්තිය අද (12) සිට ඉන්දුනීසියා‍වේ පුරවැසියන් වෙත ද විවෘත කර තිබෙනවා.

මේ සමඟ ම, මෙම ප්‍රතිපත්තියට අනුගත වන රටවල් සංඛ්‍යාව 55ක් දක්වා ඉහළ ගොස් ඇති බව චීන ජාතික සංක්‍රමණ පරිපාලනය අද නිවේදනය කළා.

ඒ අනුව, ඉන්දුනීසියාව, රුසියාව, බ්‍රිතාන්‍ය‍ය ඇතුළු එම රටවල් 55ට අයත් පුරවැසියන් සිය වලංගු හඳුනුම්පත සහිතව චීනය හරහා තෙවැනි රටකට හෝ කලාපයකට සංචාරය කරන්නේ නම්, බෙයිජි, ෂැංහයි ඇතුළු චීනයේ ප්‍රදේශ 60ක පිහිටි පිවිසුම් ස්ථානයන් හි සිට චීනයට ඇතුළු වීමට හැකියි.

කෙසේවෙත් මෙම නිදහස් වීසා ප්‍රතිපත්තිය යටතේ චීනයේ රැඳී සිටිය හැකි උපරිම කාලය පැය 240ක් වනවා.

සංචාරය කිරීම, ඥාතීන් බැලීම වැනි කටයුතුවල නිරත වීමට එමගින් අවසර හිමිවනවා.

World News

Send your contact Details Today