ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය නිසා අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා අනතුරු ඇඟවීමේ උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවන බවට වාර්තා වීමත් සමඟයි.
ජම්මු හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.4 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජුනි මාසයේදී වාර්තා වූ ඉහළම උෂ්ණත්වයන්ගෙන් එකක් බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.