Latest News

දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට ගිය BTS සාමාජිකයන් දෙදෙනාට සිදු වූ දේ (VIDEO)

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව සුප්‍රකට K-pop “BTS” සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වන RM සහ V යනුවෙන් හඳුන්වන සාමාජිකයින් දෙදෙනාව දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය වන ජාතික රාජකාරියෙන් පසුව ඊයේ (10) දකුණු කොරියානු හමුදාව විසින් නිදහස් කර තිබෙනවා.

BTS රසිකයන් සංගීත කණ්ඩායම නැවත් ඔවුන් අතරට එන්නනේ කාවදා ද යන්න සම්බන්ධව දින ගණන් කරමින් සිටි අතර RM සහ V පිළිගැනීමට හමුදා කඳවුර අසල රසිකයන් විශාල පිරිසක් රැස්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රසිකයන් ඉදිරියට පැමිණි RM සහ V පවසා ඇත්තේ, ඔවුන් එනතුරු බලාසිට සියලුමදෙනාට කෘතඥ වන බවත් BTS කණ්ඩාය ඉතාමත් ඉක්මනින් සංගීත කටයුතු ආරම්භ කරන බවයි.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ ජින් පසුගිය වසරේ ජුනි මාසයේ හමුදා සේවය අවසන් කළ අතර, ජේ-හෝප් ඔක්තෝබර් මාසයේ සිය හමුදා සේවය අවසන් කර තිබුණා.

එමෙන්ම අද (11) දිනයේ ජිමින් සහ ජුන්ග් කුක් ඔවුන්ගේ ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බව සඳහන්.

සුගා මෙම මස 21 වනදා සිය ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදීයී.

එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වුණා.

2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වනවා.

World News

Send your contact Details Today